Description

A Collection Of Short Stories by Manjula Senarathne

නිවාඩු දිනයක උදෑසන අවදි වෙද්දී යහන අසල පුටුවක වාඩිගෙන ඇය මදෙස බලා සිටියාය. මදෙස බලා සිටීමට හේතුව කුමක්දැයි ඇසූ විට ඇය කළේ යහනට ගොඩ වී මගේ තුරුලට වැදීම පමණකි. ඇතැම් විට හිම වැටෙන දිනක, සුළං හමන, වැසි වැටෙන දිනෙක, ග්‍රීෂ්ම හිරු බැබළෙන දිනක ඇය කල්පනාවේ නිමග්නව කවුළුවෙන් පිටත බලා සිටිද්දී “ඔයා මොනවා ගැනද කල්පනා කරන්නෙ?” යැයි මම ඇසුවෙමි. යන්තම් සිනහවක් පා මා වැළඳගෙන නොදොඩා සිටියා විනා පිළිතුරු දීමේ වුවමනාවක් ඇයට නොවිණ. නිරෝෂිනී මට නොකියන රහසක් හිතේ තබාගෙන සිටියාය යැයි මම වරෙක සිතුවෙමි.

ඒ බැල්ම මට අමතක නොවේ. එය වනාහි කිසි දිනක ඇගේ දෙනෙත් නොරැඳුණු, නොතේරෙන බැල්මකි. එහි තැනක සන්තාපය රැඳී තිබෙන්නට ඇත. එහෙත් ඇය සිනාසුණාය. එය දුක්බර සිනහවකි. ඇසිපිය නොහෙළා තත්පර කීපයක් මදෙස බලා සිටීමෙන් අනතුරුව, හාදුවක් සුළඟේ පා පා කර එවූ ඇය කාමරයෙන් පිට වූවාය.

එය නිරෝෂිනීගේ අවසන් බැල්මයි

Additional information

Weight350 g
book-author