Description
පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර
මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තේ නැහැ.
කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත් පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ.
හෙට මම මේ ලෝකෙ කැමතිම තැනට -අර්ධ-ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා. තව එක දවසයි. අනිවාර්යයෙන්ම ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති.
හැමදාමත් වගේම එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ….









