Description

එයාර්පෝට්

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ග මන් ක්ෂේතරය පිළිබඳ පෙළපොතකි. තරාසයේත්, කුතුහලයේත්, තාක්ෂණයේත් අපූරු සම්මිශරණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනපරිය නවකතාව බවට පත්විය.

දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපොළේත්, අව් වැසි හිම නොතකා කිරයාත්මක වන ගුවන් යාතරාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා ? වෙනසක් නැති සේවාවන්හි නිරතවූවන්ගේ ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.

හැටේ දශකය අවසන බිහිවී ලොව පුරා පරචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනපරියත්වයට පත්වූ සිනමාපටයක පරාරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමවූ අතර ඒ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.

Additional information

book-author

select-format

Book