Description
Mitt Liv Med Saddam
ජීනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුව ය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පන්තියට අයත් ප්රභූවරුන්ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කරගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේය. එම රාත්රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.









