Description
” කියවලා බලමු උපාසක, අපූරු කතා ටිකක් තියන්නෙ ඔය පත්තරෙන් කරන්නෙ සිංහලයා ගැන, අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක. හැබැයි උපාසක මතක තියා ගන්නව හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණපොත් අභාවයට යනවා…”
සීබෙල් උපාසක පත්තර කරදහිය අතට ගත්තේ පුදුමයෙනි… තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ. අකුරු පැහැදිලි ය. සිහින් ය. කුඩා ය. තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලනවිට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසියේ කපන්නට ලොකු මහන්සියන් ගන්නවා ඇත.








