Description
“සියල්ල යහපත් අයුරින් සිදුවෙනවා සුබ්බම්මා. මා නුඹට පොරොන්දු වුනා කෙදිනක හෝ කන්නසාමි කුමරුට රජකම ලබා දෙන බවට” – පිලිමතලාවේ මහ අදිකාරම්
“නිළමේ දැන් ඉස්සර වගේ නෙමෙයි. බොහොම උජාරුවට නටා ඩිංගට කියලා පැණි කැවුම් තනාගෙන එන්ට ඇත්තේ අපට කන්ටම නෙමෙයි” – දොඩම්වල කුමාරිහාමි
“කන්නසාමි කුමරු රජ කෙනෙක් බවට පත් කළේ පිළිමතලාවේ නිළමේ මට දැක්වු ආදරය ද? එසේ නැතිනම් කන්නසාමි කුමරු ඉත්තෙක් කරගෙන අනාගතයේදි රජවීමට ඔහු තුළ වු පටු බලාපොරොත්තුවද ?” – සුබ්බම්මා දේවිය
“ඇහැලේපොල ද්‍රෝහියා , ඌ මට මේ සිංහල දේශයට , සෙංකඩගල නුවරට පමණ්ක් නොව ඔහුගේ බිරිදටත් දරුවන්ටත් ද්‍රොහී වු ආකාරය කදිමයි” – ශ්‍රි වික්‍රම රාජසිංහ
“ඔබට තබා මගේ නිළමේටවත් පවසාගත නොහැකි බොහෝ දෑ තිබෙනවා. සමහරවිට අප් නැවත හමු නොවේවි රාජ මාතාවනි” – ඇහැලේපොල කුමාරිහාමි
“මුළු සෙංකඩගල පුරවරය පුරාම කන්නසාමිගේ පියා කවරෙක්දැයි යන්න පිළිබඳව ඕපා දූප පැතිරී යනවා” – උපේන්ද්‍රම්මා
“රජතුමා මේ බව දැනගත් පසු නුඹටත් ඔහුටත් හිස් ගැසුම් ලබන්නට සිදු වන බව නුඹ හෝ ඔහු තවමත් නොදන්නා හැඩයි” – සුබ්බම්මාගේ මව
“එකඟතාවය පළ කරමින් පිළිමතලව්වේ එසවූ අතම රජතුමාට විරුද්ධව එසවිය හැකි බව මතක තබා ගන්න. ඔහු විසකුරු සර්පයෙක්” – කොන්ඩසාමි කුමාරයා










