Description
Jathika Jana Balavegaya (NPP) Statements of Policies Free PDF Download
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය PDF පහතින් ඩවුන්ලෝඩ් කරගන්න
NPP Sri Lanka PDF Download
Click Here
අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති සමාජ පරිවර්තනය හුදු ආණ්ඩු මාරුවක් හෝ පාලක කණ්ඩායමක් ගෙදර යාම හේතුවෙන් හිස් වන පාලක හා නිලධාරී පුරප්පාඩු වෙනත් කණ්ඩායමක් මගින් පිරවීමක් පමණක් නොවේ. එය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසෙන් අවුරුදු 76 කට පසු ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි; පුනරුදයකි. ලංකාව නිදහස ලැබූ කාලය තුළ ඉංජිනේරු, සෞඛ්‍ය, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, මානව අයිතිවාසිකම් වැනි විවිධ කලාපයන් තුළ සිටි විශිෂ්ටතමයින් බිහි කිරීමට ප්‍රාථනා කළ, ඒ සඳහා ඒ ඒ ක්ෂේත්‍රය තුළ අත්තිවාරම් දැමීමට උත්සාහ කළ එහෙත් මෙතුවක් කල් ලංකාව පාලනය කළ ප්‍රභූ කණ්ඩායම් විසින් යටපත් කළ දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය ප්‍රායෝගිකව මල්ඵල ගැන්වීමකි. ජාතික ජන බලවේගය අපේක්ෂා කරන පාලනය පුනරුද යුගයක් වන්නේ එය විසිවන සියවස තුළ ඇති වූ එහෙත් යටපත් කළ දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය විසිඑක්වන සියවස තුළ සැබෑවක් වීමේ හේතුව නිසා මෙන්ම, එය දැවැන්ත සාමූහික ජනතා මැදිහත්වීමක් මගින් සිදුවන රට ගොඩනැගීමේ ක්‍රියාවලියක් වීම හේතුවෙනි.








