Description
හේන ගැමි ගෙවිලියන්ගේ ගෙවත්ත යි. හේන් වගාවට අපේ මුතුන් මිත්තන් පුරුදු වූයේ අදින් වසර 5000කටත් තරම් ඉහත කාලයේ දී ය. හේන ගොඩ බෝග, ගොවිතැන් කරන ගෙවත්තක් හැටියටත් හඳුනාගත හැකි වේ. හේන් වගාව පිලිබඳ බොහෝ තොරතුරු හෙළයේ වංශකතාවෝ පෙන්වා දෙති. ඒ සියල්ලෙන් ම ගම්‍යමාන වන්නේ ඒ ඒ පළාත්බද පස, අව් වැහි හුළං ලැබෙන රටාවන් අනුව ඊට යෝග්‍ය වන පරිදි වගා පිළිවෙත් සකසාගෙන ඇති බව ය. හේන් කෙටීම අපේ මුතුන් මිත්තන්ගේ සිරිතක් වූ අතර ම හැකිතාක් දුරට වන පෙත ආරක්ෂා කර ගනිමින් ගොවිතැන් කිරීම මේ සම්ප්‍රදායේ තිබෙන විද්‍යාත්මක පදනම යි. මේ පොතට ගොනු වී තිබෙන්නේ අතීත හත්කෝරලයේ හේන් ගොවියාගේ අත්දැකීම් වලින් කිහිපයකි.









