Availability: In Stock

දෙවැනි ගැහැනිය – Dewani Gahaniaya by Manjula Senarathna

SKU: 9786245579150

රු1,500.00

2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.

රූමත් ගැහැනිය ජීවත් වන්නේ ඇයට සැබෑ ලෙසම ආදරය කරන මිනිසාගේ හදවත තුළයි.
මේ පොත ඒ ගැහැනියට…ඒ මිනිසාට…

In stock

Description

A Novel by Manjula Senarathna

පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රානානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.

“මම යනවා…” ඇගේ සැමියා කීවේය.

මේ ලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමග සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවෙනි ගැහැණිය සමග අළුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුනුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟාගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තතත්වයට පත් කරගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

 

Additional information

Weight400 g
book-author