Description

සීගිරි කොදෙව්

බොදව යන පරම්පරාවක ආලේඛන නිරූපණයක් සේ ,ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක   ඇරැඹුමක් සේ  ගලා යන මතිෂගේ කතාවයි,”සීගිරි කොදෙව් “. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවදින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු මතක හා අත්දැකීම්  එකට කලතමින් සීගිරි භූමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැගව ඇති වටිනාකම් ඉස්මත්තට කැදවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව තුළ මුණගැසේ.

 

Additional information

book-author

select-format

Book