Description
සාර්ථකත්වයේ ඉණිමග
මෙම පොත කියවන ඔබ,
* මිනිසෙකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව,
* උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද්‍යාමාන වන බව,
* එසේනම් ඔබ කැමති,ඔබ ආශා කරන ඕනෑම දෙයක් ිසියම් උපක්‍රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටු කර ගත හැකි බව,
* ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ්‍ය ධන සම්පත්, සුවසම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව,
* ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්,විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්,ව්‍යාපාර දියුණුව හෝ රැකියා උසස් වීම් ලබාගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව.
* ඔබ පෙළෙන අසාමාන්‍ය බිය තුරන් කර ගැනීමටත්,ඔබට මිදෙන්නට නොහැකි පුරුදු වලින් මිදෙන්නටත් යටි සිත සහාය කරගත හැකි බව.
සහ තවත් පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගන්නවා ඇත. සුවෙන්,සැපෙන් හා සතුටින් සිටින්නට කැමති ඔබ මෙහි ඇතුළත් ශිල්ප ක්‍රම හදාරන බවත් ඒවායින් වැඩ ගන්නා බවත් නොඅනුමානය.









