Description
පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සදහන් විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා මත විශ්වාස නොකරන්නෙකු වුවද ඔහුගේ රෝහල් කාඩ් පතේ අංක 13 සදහන් වෙත්ම ඔහුගේ පපුව ගැහෙන්නට විය.වෙනත් වාට්ටුවකට මේ අංකය දෙන්නට තිබුණා නොවේදැයි ඔහු සිතන්නට විය. එහෙත් මුළු රුසියවේම ඔහුට උදව් කල හැකි එකම සායනය මෙය පමණකි. ” අනේ දොස්තර නෝනා කියන්න, මේක පිළිකාවක් නෙමෙයි නේද? “









