Description
Men Without Women
ඊළඟ දවසෙ කෝපි හලේ දී කෙතරුව හම්බ වුණාම ඔහු ඇහුවා මගෙන් කොහොම ද ගිය ගමන කියල.
“උඹ එයාව සිප ගත්ත ද?”
“නැහැ කොහෙත් ම නැහැ” මම කිව්ව.
“බය වෙන්න එපා උඹ එහෙම කළා වුණත් මට ඒක කාරියක් නෙවෙයි.” ඔහු කිව්ව.
“මම එහෙම කිසි දෙයක් කළේ නැහැ”
“අතවත් ඇල්ලුවෙ නැහැ?”
“එහෙනම් මොනව ද ඕගොල්ල කළේ?”
“අපි ගියා චිත්‍රපටියක් බලන්න. පොඩ්ඩක් ඇවිද්ද, රෑ කෑම ගත්ත, කතාබහ කළා.” මම කිව්ව.
“එච්චරයි?”
“පළමු හමුවීම ගැන ඔයා ඒ තරම් දුර හිතන්න උත්සාහ කරන්න එපා.”
“ඇත්තට ම?” කිතරු ඇහුව? “මම කවදාවත් එහෙම නිශ්චිත දින වල හමුවෙලා නැහැ. ඒ හින්ද මං ඒ ගැන දන්නෙ නැහැ.”
“ඒත් මං ඈත් එක්ක හොඳට විනෝද වුණා. එයා මගේ ගෑණු ළමයා වුණා නම්, මගේ පේන මානයෙන් එහාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ.”
කිතුරු ඒ ගැන කල්පනාවකට වැටුණ.








