Description

BTS

තේහියොං ජනේලය අසල සිටගෙන සිටියේය. පිටත සෝල් නුවර විදුලි එළි තරු මෙන් දිලිසුණි. එතරම් විශාල නගරයක් මැද, තමන්ගේ සිහිනය කොතරම් කුඩාදැයි ඔහුට මොහොතකට සිතුණි.

එහෙත් ඔහුගේ සිත තුළ උපන් තාලයක් ඔහුට ඒ සිතුවිල්ල අමතක කරවීය.

ඔහු මඳ හඬින් හම් කළේය.
ජන්ග්කුක් හිස ඔසවා බැලීය.

” ඒක ආයෙ කියන්න.”

තේහියොං නැවතත් එම තාලය හම් කළේය.

කාමරයේ සිටි අය නිහඬ වූහ. මුලු ලොවම නිහඩ වූ මොහොතක් එකම එක මොහොතකට ඇතිවිය.

“ඒක ලස්සනයි,”

ඒ විස්මිත නිහඬතාවය අතරින් ජන්ග්කුක් කීවේය.

Additional information

book-author

select-format

Book