Description
ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන,
යුවතියක තම රෝගී බවෙන් තැවෙන විට,
ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට,
අම්මා කෙනෙකු දුගී බවෙන් මිරිකෙන තැන,
තරුණයින් විමුක්තිය සොයා සටන් වදින කල්හි …. සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන බැව් පසක් කෙරෙන නවකතාවකි.
උඹලා මොක ද මේ පැත්තෙ?’
නිඹුල්ලා කරේ වූ තුවාය අතට ගත්තේය. අනේ ඇමැති තුමා මේ අපේ කොල්ලා මොකක්ද විභාගෙකින් තේරිලා, අනේ පින් සිද්ධ වෙයි ඌට….’
නිඹුල්ලා දෙස බලා ගත් ඇමැති මේසය අතපත ගා ෆෝ ඒසස් දුම් වැටි පැකට්ටුව අතට හසුකොට ගෙන ඒදෙස නොබලාම දුම් වැටියක් ගෙන එය කටේ රුවා ලයිටරයේ දැල්ලෙන් එය දල්වා ගත්තේය.
මේකා දුම් බොනව නෙමෙයි, දුම් නානව… නිඹුල්ලා කල්පනා කළේය. නහයේ මවිල් පෙරාගෙන දුම් දාන්නේ ආලවකයගෙන් වගේ… කමක් නෑ ඒ ඌෂ්ණෙට හරි මේකගේ හිත වුණොත්.
‘මොකක්ද විභාගෙ කීවේ?’ ඇමැතිගේ කට හඬ රළුය.
‘ පරිපූරක වෛද්‍ය සේවය’ හිස ඇලකළ තරුණයා කීය.
ලියන්නා තම යතුරු ලියනය සමීපයේ ගොඩ ගසා ඇති ලිපිගොනු අවුස්සා අලුත් ලිපි ගොණුවක් ගෙන එය ඇමැතිට දිගු කළේය. එය පෙරළන ඇමැති ‘නම මොකක්ද කිව්වෙ’ යයි විමසමින් තරුණයා දෙස බැලීය.









