Description
A Poetry Collection by Shashika Sadeep_”HEENA WITH SHASHI”
අම්මපයි මං කඩුව දුන්නා
කෝටියක් මිල මුදල් නැතුවට
එකම එක වචනෙටත් නිවුණූ
ගෑනු හිත් වැල් ජාතියක් බං
ආදරේ යන ගහේ එතුණූ
සියොලඟින් තේජසේ වෑහෙන
ඔටුනු හිමි රජතුමෙක් නොදුටූ
මගේ හිත හෙල්ලුවා වැද්දෙක්
කලුම කලු කැත කැලේ හැදුණූ
නොවැටෙද්දි වැහි බිඳක්වත්
මහා ඉඩෝරෙක හැකි තරම් උහුලා
දිය හොයාගෙන ඕන පැළයක
මුදුන් මුල් ටික යටට බැස්සා
රජෙක්ගෙන් මං යැද්ද ප්‍රේමය
වැද්දෙක්ගෙ ළඟ දුටුව හින්දා
උදුර ගත්තා නෙමෙයි මල්ලියෙ
අම්මපයි මං කඩුව දුන්නා








