Description
Silent Night
තමා පසුපසින් ලුහුබැඳ එන පොලිස් රථය ඔහුට පෙනෙයි.
“බැහැ… කීයටවත් පොලිසියට අහුවෙන්න නම් බැහැ.” රියදුරු අසුනට එහා අසුනේ වූ දරුවා දෙස බැලූ ජිමී, ඉන් අදහසක් උපදවා ගත්තේය.
“මං මේකට වෙඩි තියල, එළියට ඇදලා දැම්මොත් පිටිපස්සෙන් එන එකා කොල්ලව බේරගන්න වාහනේ නවත්වනව සිකුරුයි… මිනිහා තව පොලිස් වාහන ගෙන්න ගන්න කලින් දැම්මම ඒ දේ කරන්න ඕනෙ…”
ජිමී දරුවාගේ ආසනපටියේ ගාංචුව මුදා හැරියේය. අනතුරුව දරුවාගේ පැත්තේ දොරගුළු ද හැරලූයේ ය. ඊළඟ තත්පරයේදී ජිමේ සිය ජැකට්ටුව තුළට සුරත යැව්වේ පිස්තෝලය ගැනීමටයි.









