Description
එතැන් සිට අවුරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හදවත විවර කළෙමි.
ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ ගීත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරිසැරුවෙමි.
Reviews
There are no reviews yet.