Availability: In Stock

තනි වූ දියණිය-Thani Wu Diyaniya

SKU: BSLKASH00060

රු1050

In stock

Pages: 600
Publisher: Ashirwada Publishers

Description

යෞවනයේ හැගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී. සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන්‍යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දියණියන්ගෙන් මෙන්ම නෑදෑ හිතමිතුරන්ගෙන් හා ලෝකයාගෙන් සඟවා තබාගන්නා ඇයගේ සියලූම ව්‍යායාමයන්, විසිහත් වසරකට පසු සුනුවිසුනුවී යයි. ඒ, නොකළ වරදකට මරණ දඬුවම නියමව ඇති පුද්ගලයකුගේ ජීවිතය එසේ නිමවීමට ඇයගේ හෘදසාක්‍ෂිය ඉඩ නොදුන් හෙයිනි. එනමුත් ඇයගේ සුනුවිසුනු වූ ජීවිතය ඇය නැවතත් ගොඩනඟා ගනී. ඒ කෙසේද? මේ, පෙකණි වැල කැපූ සැණින්, සෝදා පිරිසුදු කිරීමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නාගත් බිලිඳියක සමග ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සීසී ගේ කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “තනි වූ දියණිය-Thani Wu Diyaniya”

Your email address will not be published. Required fields are marked *