Availability: In Stock

පිං ඇති සරසවි වරමක් දෙන්නේ-Sarasavi Varamak Denne

SKU: BSLK0001504

රු405

ISBN: 9789558570340 Category:
Publisher: Fast (Surasa) Publishers

Description

අසංග උප සෙනෙවි වනාහි පස් විසි වියෙහි සිටි , රූමත් තරුණයෙකි. ඔහු මුහුණ නිතර රැඳුණු සිනහවකින් හා අවංක පෙනුමකින් යුක්තය. එහෙත් මේ වේලේ ඒ සිනා මුසු බව කොයිබ ගියාද කියා නැති තරමට දුක් මුසු විය. ඔහුගේ දුක් මුසු මුහුණ නීලමනිය විසින් දක්නා ලද පළමුවන වතාවය.

නීලමනිය දුටු කෙනෙහි අසංගයන්ගේ මුහුණේ දුක් මුසු බව යට පත් විය. ලැජ්ජාව මතුවිය. ඔහු සිනා සෙන්නට වෑයම් කළද පෙර පුරුදු අවංක සිනාව මතු කර ගත නොහැකි විය.

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප‍්‍රථම සිංහල නවකතාව – සිරියලතා – උත්පාද කිරීමෙන් සතළොස් (17* වියේදීම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ එ්බ්රහම් සිල්වා, 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පන්තියේ පවුලක උත්පත්තිය ලැබුවේය.

‘නවකතා චක‍්‍රවර්තී’ ඩබ්ල්යු. එ්. සිල්වා නමින් විරුදාවලී ලත් මේ මහා නවකතාකරුවාගේ ‘විජයබා කොල්ලය’ නවකතාවට පසුබිම වන්නේ 1505 පෘතුගීසි ආක‍්‍රමණිකයා ලංකාවට පැමිණි මුල් යුගයයි. මේ පසුබිමේ ති‍්‍රකෝණ පෙම් කතාවක්ද නිරූපිතය. අසංග, නීලමණී සහ නයනානන්ද සිංහල නවකතා රසිකයන් අතර අතිශය ජනපි‍්‍රය චරිත තුනකි.

මෙම චිත‍්‍රපටය ජනගත කිරීමට සමාන්තරව, විජයබා කොල්ලය නවකතාවේ පළමුවන සරසවි මුද්‍රණය නිකුත්වීම, සිංහල සිනමා ඉතිහාසයේ විරල අවස්ථාවකි. මෙම කෘතිය විශේෂ සමරු මුද්‍රණයකින්ද සමන්විතය.

මුලින්ම සිංහල චිත‍්‍රපටයකට නැගුණේ ඩබ්ල්යු. එ්. සිල්වා අමරණීය නවකතාවක් වූ ‘කැලෑහඳ’ නිර්මාණය වීමද අපූරුවකි. තවත් විරල සිදුවීමක් වන්නේ ඩබ්ල්යු. එ්. සිල්වා ලියූ ‘විජයබා කොල්ලය’ මුලින්ම ප‍්‍රකාශිත වූ 1938 අවුරුද්දේ සිට මේ ගෙවෙන 2019 අවුරුද්ද වන විට මේ නවකතා නිර්මාණය බිහිව වසර 81ක් ගෙවී තිබීමයි. එ් කියන්නේ ‘විජයබා කොල්ලය’ සියයක් අවුරුදු පසු කිරීම නියත බවද?

———–

”අවංකවම, හෘදයසාක්ෂියට එකඟවම කියන්නේ නම් නවකතා කියවීමේ උත්තේජනය අපට මුලින්ම ලබා දුන් නවකතාකරුවා වන්නේ ඩබ්ල්යු. එ්. සිල්වා ය. බහතෝරන වියේදී අප ඇසූ කතන්දරවල ආහ්ලාදය වර්ධනීය ලෙස වෙනස් මාත‍්‍රාවකින් අපට ලබාදුන්නේ ඔහු ය. ඩබ්ල්යු. එ්. සිල්වාගේ නවකතා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ බලපෑම් නොකළේ නම් ඔහුට ‘නවකතා චක‍්‍රවර්තී’ නාමය හිමි වන්නේද නැත.

ඩබ්ල්යු. එ්. සිල්වා නවකතා චක‍්‍රවර්තී ලෙස පිළිගැනුණේ ඔහුගේ නිර්මාණ පාඨක සිත්සතන් තුළ මවා පෑ එ් පරිසමාප්ත අභූතපූර්ව ලෝකය හේතුවෙන් බව නිසැකය.

ඩබ්ලියු. එ්. සිල්වාගේ නවකතා අපට සම්පාදනය කරන්නේ ආනන්දය පමණක් නොවේ. මනුෂ්‍යත්වය ගැඹුරු පතුලේ සැඟව ඇති උදාරත්වයද ඔහු සිය චරිත ඔස්සේ විශද කරයි. එසේ කරන්නේ ප‍්‍රචාරකවාදීවද නොවේ.”

Reviews

There are no reviews yet.

Be the first to review “පිං ඇති සරසවි වරමක් දෙන්නේ-Sarasavi Varamak Denne”

Your email address will not be published. Required fields are marked *