Availability: In Stock

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා-Sansararanyaye Urumakkaraya

SKU: BSLK0001501

රු180

ISBN: 9559170759 Category:
Publisher: Fast (Surasa) Publishers

Description

හඟුරන්කෙත යනු කන්ද උඩරට රජවරුන්ගේ ආරක්ෂිත ස්ථානයයි. සතුරන් මහනුවර ආක්‍රමණය කරන විට රාජකීයයන් පලා ගියේ ඒ වෙතය. ඔවුන් සිය සම්පත් සඟවා තැබුවේ එහිය. ඒ සම්පත් පිළිබඳ රහස් සුරැකීම එකල කැලෑ කෝරාල තනතුර දැරූවන්ගේ රාජකාරිය විය.

හඟුරන්කෙත පමණක් නොව, සිය පාලනය යටතේ පැවැති කිසිදු ප්‍රදේශයක පුළුල් මංමාවත් නොතැනීම මහනුවර රජවරුන් විසින් එකල අනුගමනය කෙරුණු එක් ආරක්ෂක උපක්‍රමයකි. මහනුවර රාජධානියේ තහංචි කැලෑ එළි වී ඒ වෙත පහසුවෙන් පිවිසිය හැකිවන පරිදි මාර්ග ඉදිවූයේ කෝපි වගාවේ ව්‍යාප්තියත් සමගය. එතෙක් සැඟව පැවැති හඟුරන්කෙත, බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේදී වෙනස් වන ලෝකයට අනාවරණය වූ ආකාරයත්, ඒ වෙනස හමුවේ එහි අවසන් කැලෑ කෝරාලගේ හැසිරීමත් ‘වරණ’ නවකතාවෙන් ඉස්මතු වන්නේ සත්‍යය හා පරිකල්පනය මිශ්‍ර ස්වරූපයකිනි. මෙම නවකතාවෙන් ප්‍රකට වන වැදගත්ම කරුණ වශයෙන් සැලකිය හැක්කේ සමාජයක සංහිඳියාව ඇති කිරීමෙහි ලා බලපාන ප්‍රධානම සාධකය වන්නේ මානව දයාව බවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා-Sansararanyaye Urumakkaraya”

Your email address will not be published. Required fields are marked *