Description
“සෑම සැන්දෑවකම මල් උයනේ පඳුරු අතර මම සක්මන් කරමින් සිටිනවා.
ඔබට එහි පැමිණෙන්නට හැකිනම්…”
– අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ
“සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා.
ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැම දේකම සාධාරණයක් තියෙනවා මම්”
– අසලියා
“ එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්ට බෑ.
ස්ටීවන්සන් කවදා හරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි”
– ගජබා
“ඔයා ලංකාවට ආවට පස්සෙ සාරදා ගොඩක් වෙනස් වෙලා.
එයා හිතන්නෙ තවමත් මං ඔයාට ආදරෙයි කියලා.”
– රශ්මික
“ජීවිතේ සමහර දේවල් තියෙනවා හරියට ගලේ කොටපු අකුරු වගේ.
මගේ එක උපන් දිනේකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද.”
– සතුන්තලා
“දේපල ගැන කතාකරන්නෙ මං තවම මරණයට ළංවෙලා නෑ.
මම තවත් අවුරුදු විස්සක් විසිපහක්වත් ජීවත්වෙනවා.”
– සපුහින්න මැණිකේ
“දවල් වෙන්න දවල් වෙන්න චණ්ඩ වෙන ඉර ඔයා වගේමයි කියන්න මට බෑ.
ඇත්තමයි සකුන්තලා ඔයා උදේට පායන ඉර වගේ මුදුයි ඒ වගේම ලස්සනයි.
– ජෝර්ජ් ස්ටීවන්සන්
Reviews
There are no reviews yet.