Description
ලොව පුරා පිටපත් මිලියන හාරසියයකට වඩා අලෙවි වූ, Newyork Times bestseller ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්, අමෙරිකානු ජාතික ලේඛක ඩීන් කූන්ට්ස් විසින් රචිත The Eyes of darkness කෘතිය තරම් පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ වෙනත් කෘතියක් ලෝක සාහිත්‍යයේ නොමැති තරම්ය. චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළිබඳ කියවෙන මෙය, ලියැවී වසර හතලිහකට පසු ඉමහත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, 2020 වර්ෂයේදී මුළු මහත් ලෝකයම ආක්‍රමණය කරමින්, ජනජීවිතය උඩුයටිකුරු කළ කෝවිඩ්-19 වෛරසයට සමාන සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි. වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කෝවිඩ්-19 වෛරසයද, චීනයේ වූහාන් නගරයේම උපත ලැබූවක් යැයි සැලකෙන බැවිනි. මෙම විස්මයජනක අහම්බයත් සමඟ මෙම කෘතියට ලොව පුරා දැඩි ඉල්ලුමක් ඇති විය. නමුත් මෙහි යටිපෙළ දිවෙන කතාන්දරය හුදු විද්‍යාත්මක කරුණුවලට වඩා සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සාමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි.
Reviews
There are no reviews yet.