Description

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වූ රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන්රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුණේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය. මතුව තිබූ බාධක මැද බෙන්රෝයි ඔහුගේ පැරණි මිතුරකු වූ ලුක්ෂෝර් පොලීසියේ යූසුෆ් ඛලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමි වීමේ වේදනාවෙන් සිටියත් එයට සහාය වීමට ඛලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදු වූ බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතිතන සම්බන්ධතාවය කුමදක්ද? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණීකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීඹ දරන ලද ප්‍රයත්නයක්ද?

Reviews

There are no reviews yet.

Be the first to review “ඔසිරිස්ගේ රන් ආකරය-Osirisge Ran Akaraya”

Your email address will not be published. Required fields are marked *