Availability: In Stock

මර්ලින් – වියරු වෙදැදුරා – Marlin – Viyaru Wedadura

SKU: BSLK0001978

රු198

ISBN: 9786245546060 Category:
Publisher: Tharanaga Publications

Description

ශ්‍රේෂ්ඨ ඇමරිකානු කතුවරයකු වන මාක් ට්වේන්ගේ නවකතා කිහිපයක්ම සිංහලෙන් පළවී ඇතත් ඔහුගේ කෙටිකතා එකතුවක් මෙතෙක් සිංහලෙන් පළවී නොමැත.

වසර බොහෝ ගණනකට පෙර (1960 ගණන්වලදී) මාක් ට්වේන්ගේ කෙටිකතාවක් වන ආදම්ගේ දිනපොත එකල සඟරාවක් ලෙස පැවැති ‘නවයුගයේ’ පළවී ඇත. මේ හැර වෙනත් කෙටිකතා සිංහලෙන් පළකර ඇති බවක් නොදනිමු.

මෙම කෘතියෙහි අඩංගු කෙටිකතා එකම සංග්‍රහයකින් ගෙන නැත: විවිධ කෘතීන්ගෙන් තෝරා ගෙන ඇත.

මාක් ට්වේන් ඇතැම්විට තම කෙටිකතාවන් කෙටිකතා ලෙසම පළ කර නැත; ඔහුගේ ඇතැම් කෙටිකතා වෙනත් පොත් තුළ – සංචාරක වෘතාන්තයක් හෝ වෙනත් එවැනි කෘතියක් තුළ හෝ දැකිය හැකිය. එවැනි කතාවක් කියවාගෙන ගිය පසුවයි පාඨකයා වටහා ගන්නේ තමා මෙතෙක් කියවා ඇත්තේ කෙටිකතාවක් බව. මෙවැනි කතා කිහිපයක් මෙම එකතුවටද ඇතුළු කර ඇත.

මාක් ට්වේන්ටම ආවේණික වූ හාස්‍ය රසය මෙම කෙටිකතාවන් තුළ නොඅඩුව දක්නට ලැබේ. ඇමරිකානු සාහිත්‍යයේ මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍ය හාස්‍යෝත්පාදක ලේඛකයා ලෙස සැලකෙන මාක් ට්වේන්ගේ කෙටිකතා රස විඳීමට සිංහල පාඨකයා හට අවස්ථාවක් මින් හිමිවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “මර්ලින් – වියරු වෙදැදුරා – Marlin – Viyaru Wedadura”

Your email address will not be published. Required fields are marked *