Description
අනාගත සශ්‍රීකත්වයක ඉව දිගේ අලුත් මිනිසුන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ රජයේ වැඩ බිම් සඳහා ඇදී ආවේ කුහුඹු රැළක කඩිසරභාවයෙන් යුතුවය. ඒ මිනිස් ගංගාව තැනී තිබුණේ දුගීබව නිසා සිය ගම්බිම්වලින් පිටමං වන්නට බලකෙරුණු මිනිස් බිංදූන්ගෙනි. උක්ත දුගී මිනිස් ගංගාව පොළොන්නරුවේ වියළි සරු පොළොව විසින් වහා උරාගන්නා ලද්දේද ගංගාවක් වශයෙන් නොව, බිංදු වශයෙනි. එහෙත්, පැරණි ගම්මානයන්හි විසූ පොළොන්නරුවේ සැබෑ උරුමක්කාරයින් අභිභවා මේ නව සෙනඟ ලැගුම් ගත්තේ ආගන්තුකයින් ලෙසින් නොව, එහි නව බලාධිකාරීන් වශයෙනි. එතෙක් වනාන්තරයත් සමඟ සහෝදර බැම්මෙන් බැඳී අදීන සරල ජීවිත ගෙවමින් හුන් පොළොන්නරුවේ මිනිසුන් වෙත මේ සෙනඟ නව දැනුමද නව අදහස්ද නව ජීවන බලාපොරාත්තූන්ද නමැති අලුත් ආගන්තුක බීජයන් රැගෙන ආ බව සැබෑමුත් ඒ සියල්ල මේ අලුත් පොළොවට සරිලන සාරවත් වෘක්ෂ ලතාවන් හෝ ධාන්‍ය වර්ගයන්ට අයත් නොවීය. ඒ අතරින් බිහිසුණුම බීජය වූයේ ඒ වනවිට මීට පිටින් වූ මහරටෙහි අතු ඉති දමා වැඩෙමින් පැවති සිංහල ස්වෝත්තමවාදයයි. එයට අනුව පොළොන්නරුව දෙමළ ආක්‍රමණයක ඊළඟ ඉලක්කයයි.
Reviews
There are no reviews yet.