Description
අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදුවූ පසු මැඩ්ලින් සිම්ස් ෂැඩෝබෲක් වෙතට පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෲක්හි වෛද්‍යවරු දෙදෙනෙක් සදාකාලික ජීවිතයක් ලබාගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෲක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ්‍ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග්‍රහණයකටය. තම දිවි රැකගැනීම උදෙසා භයංකර රංගනයක යෙදෙන මැඩ්ලින් අවතාරයන්ගෙන් සහ මහලු ගැහැනියකගෙන් පිහිටාධාර ලබාගනිමින් දුෂ්ටත්වය විනාශ කිරීමට සටන් වදින්නී, ඇඟ ලෙය හිරිවට්ටන අන්දමේ ත්‍රාසජනක සිද්ධීන්වලට මුහුණ දෙයි. ආර්. එල්. ස්ටයින් විසින් රචිත Dance of death කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනය වන මරණයේ රංගනය කෘතිය සංඛ ජයසිංහ සහ චමිල මුණසිංහ යන පරිවර්තකයන් අතින් සිංහලයට පෙරැළී පාඨකයාගේ සිත තුළ චමත්කාරය, ත්‍රාසය සහ භීතිය කුළු ගන්වමින් පාඨකයා අද්භූත ලොවක් වෙතට ගෙන යයි.
Reviews
There are no reviews yet.