Description

මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බදින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිදී. තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැක ගැනීම පමණකි. මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය. දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්… මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය. ඒ කවුද..? ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද.? අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝරි ඇගේත්, දරුවන්ගේත් ජීවිත බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝරි-Malorie”

Your email address will not be published. Required fields are marked *