Availability: In Stock

ලියොන් හි ගේල්-Liyon Hi Gale

SKU: BSLKASH00014

රු750

In stock

Pages: 387
Publisher: Ashirwada Publishers

Description

1940 වසරයි. ගේල්.ඩි.බාර්බට් යොවුන් දැරියකි. ප‍්‍රංශය ආක‍්‍රමණය කළ ජර්මන් හමුදා ඇගේ නිවෙස බලහත්කාරයෙන් අත්පත් කර ගනිති. ඉතාමත් කෙටි කලක් ඇතුළත පවුලේ ළඟම සාමාජිකයින් තිදෙනකු ඇයට අහිමි වන්නේ නොසිතූ ලෙසිනි. රැඳවුම් කඳවුරකට රැගෙන යන ගේල්ගේ හොඳම මිතුරිය ද නැවත නොපැමිණේ. බියකරු අවදානම් රැසක් හමුවේ ගේල් ප‍්‍රංශ දේශපේ‍්‍රමී ව්‍යාපාරයේ සාමාජිකාවක වෙමින්, ජර්මන් හමුදාවට සහ ප‍්‍රංශ දේශ ද්‍රෝහීන්ට හසු නොවී වසර ගණනාවක් තිස්සේ යුදෙව් ජාතික ළමුන් ආරක්‍ෂිත ස්ථානවලට රැගෙන යාමේ මහා මෙහෙයුමට දායක වෙයි. ප‍්‍රංශය සතු වටිනා කලා කෘති රැසක් ආරක්ෂා කර ගැනීමේ වගකීමට ද කර ගැසීමට සිදුවන්නේ ඇයටය. නමුත් යුද්ධය නිමා වීමත් සමගම ඇය දේශ ද්‍රෝහියකු ලෙස අස්ථානයේ චෝදනා ලබයි. ඒ අපකීර්තිය ඇය උපන් ගමෙන් පිටකිරීමට සමත් වෙයි. ආගන්තුක නගරයක අලූත් දිවියක් අරඹන ඇය ආගන්තුක රටකට පැමිණෙන්නේ වෘත්තීය වශයෙන් ජයග‍්‍රාහී මාවතකට පිවිසෙමිනි. අලූත් රටක අලූත් දිවියක් ඇරඹුව ද අතීතයේ අඳුරු සෙවනැළි අතරට අලූත් සිත් තැවුල් ද එකතු වෙයි. ඇගේ දිවියට සැබෑ අරුතක් එක් කිරීමට වෙහෙසෙන මිනිපිරිය, තම අත්තම්මා ”යුද වීරවරියක්” බව තහවුරු කිරීමේ මහා සංග‍්‍රාමය අරඹන්නේ දශක ගණනාවකට පසුවය. උදාර ගැහැනියකගේ අදෘශ්‍යමාන ධීර භාවයත්, යුද්ධයේ අතුරුඵල හා ඛේදවාචකයන් රැගත් භාවාත්මක ප‍්‍රතිරූපයයි ”ලියොන් හි ගේල්”

Reviews

There are no reviews yet.

Be the first to review “ලියොන් හි ගේල්-Liyon Hi Gale”

Your email address will not be published. Required fields are marked *