Availability: In Stock

ලක්බිමේ තවත් යුගයක්-Lakbime Thawath Yugayak

SKU: BSLK0000394

රු450

ISBN: 9789556565744 Category:
Publisher: Sooriya Publishers

Description

යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද්‍යවරයකු වූ වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය. ඒ යුද බිමේදී දිවි පිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබූ හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වනවිටත් ගැබිනියකව සිටියාය.

මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට චිලිය බලා නෙරූදා සංවිධානය කර දුන් ‘විනිපෙග්’ නෞකාවේ නැඟී එදා ඔවුන් යාත්‍රිකයන් ලෙසින් ගියේ දෛවවෝපගත ගමනකි.

චරිත ජාලයක පැටළුනු වික්ටර් – රෝසර් අඩ සියවසක වෘත්තාන්තය නව යෞවනයේ ආදර බැඳීම් සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි.

ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරිනියක ලෙසින් මෑතකදි සිය ශාක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය A Long Petal of The Sea යන්න විචාරක මතයය.

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්බිමේ තවත් යුගයක්-Lakbime Thawath Yugayak”

Your email address will not be published. Required fields are marked *