Description
ඉනෝකා තම සැමියාත් සමග කදුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය. එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැනියකගේ ඉකිබිදුම් හඩක් ඇසෙයි. ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බලන්නට ඇය පිටතට බසියි. මීදුමත් අදුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වෙන්නේ දින දෙකකට පසුවය. ඒ මහ වන මැද සිහිසුන්ව හිදියදීය.
ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවර කරන්නේ ඉනෝකා නොවේ. වෙනත් ගැහැනියකි.
“මම ඉනෝකා නෙවෙයි.” ඇය කියයි.
ඇය උමතු බවට පත් වී ඇතිද.? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණීමක්ද.?
එක් දෙයක් නම් නිශ්චිතව කිව හැකිය. එය සැගව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධයක හෙළිදරව්වකි.
Reviews
There are no reviews yet.