Description

අශ්ශීල චිත‍්‍රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත‍්‍රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත‍්‍රපට තම පියා ජනාධිවරණයෙන් ජය ගැනීම වැළැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය. අදාළ චිත‍්‍රපට සොයාගැනීමේ මෙහෙයුමට අමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත‍්‍රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය. හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවෙන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.

Reviews

There are no reviews yet.

Be the first to review “කප්පම්කාරි-Kappamkari”

Your email address will not be published. Required fields are marked *