Description
මිනිසා විසින් නිපදවන ලද බොහෝ දේ අතර මනුෂ්‍ය සමාජය විප්ලවීය වෙනසකට ලක් කිරීමට සමත් වූ ප්‍රධාන නිමැවුමක් වූයේ භාෂාවයි. මීට වසර ලක්ෂයකට පමණ ඉහත කාලයකදී නුතන මානවයින් විසින් නිපදවන ලද භාෂාවේ පසුකාලීන වර්ධනය වූ මාත්‍රාමය ශබ්ද උච්චාරණය භාෂාවේ ලාලිත්‍යමය ක්ෂිතිජය නිර්මාණයට මඟ පෑදිය. භාෂණය අනතුරුව ගායනය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී ශික්ෂණය තෙක් වැඩී ගියේය. ගායනය කළ හැකි ලෙස භාෂාව සංයෝගය කිරීමේ කුසලතාව වනාහි නිර්මාණය කෞශල්‍යයේ වාසනා මහිමයයි. සිය අධ්‍යාත්මය තුළ හටගන්නා නෙක විධ සංවේදනවලට අයත් ස්පන්දන අක්ෂර තුළ ගැබ් ගෙන ඇති ස්වර මාධූර්යයන්ට පරිවර්තනය කිරීම ප්‍රතිභාව නම් කුසල ශක්තියේ ප්‍රතිබිම්බයයි.
Reviews
There are no reviews yet.