Description

‘ද ගර්ල් ෆ්‍රොම් ද ට්‍රේන්’ නවකතාව රචනා කරන්නේ ඉර්මා ජ්‍යුබර්ට් නැමති දකුණු අප‍්‍රිකානු ලේඛිකාව විසිනි. ඇය දෙවන ලෝක යුද සමයේ සිදුවූ ඛේදජනක සිදුවීම් අලලා නවකතා කීපයක් රචනා කළ කාන්තාවකි. ඇය තම සහෝදරයාද සමඟ යුරෝපයේ බොහෝ රටවල, විශේෂයෙන්ම ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වැනි රටවල සංචාරය කොට දෙවන ලෝක යුද්ධය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්තීය. ඇය අව්ස්ච්විට්ස් වැනි දරුණු සිරකඳවුරු වෙත ගොස් යුද සමයේ එහි සිරගතකොට සිටි සිරකරුවන් හා සිරකාරියන් පිළිබඳ සටහන් කර ඇති ලිඛිත තොරතුරු පිළිබඳ පුළුල් අධ්‍යනයක යෙදුනාය. එපමණක් නොව, දෙවන ලෝක යුද්ධය පිළිබඳව ලියවුන නවකතා කෙටිකතා සහ ලිපිලේඛන බොහෝ ප‍්‍රමාණයක් කියවා ඒ පිළිබඳ තම දැනුම පුළුල් කරගත්තාය. ලේඛනයට උපන් හපන්කමක් දැක්වූ ඇය ‘ද ගර්ල් ෆ්‍රොම් ද ට්‍රේන් .’ නවකතාව ලියන්නට උපයෝගී කරගන්නේ ඇය යුරෝපයේ සංචාරය කොට දෙවන ලෝක යුද්ධය පිළිබඳව එකතු කොටගත් දැනුම් සම්භාරයයි. මෙහි එන කතා නායිකාව වන ‘ග්‍රේට්ල් ස්චිමිඞ්ට්’ නැමති සය හැවිරිදි කුඩා දැරිය හට තම ජීවිතය පමණක් ඉතිරිකර අන් සියල්ලම අහිමි කරන්නේ කුරිරු යුද්ධයයි. අනාථ දැරියක් බවට පත්වන ඇය සියල්ල අහිමිවීම් මැඳ තම ජීවිතය ආරක්ෂා කරගෙන දෛවය සමඟ සටන් කරමින්, ආදරණීය චරිතයක් බවට පත්වී තම ජීවිතය ජයගැනීමට සමත් වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “දුම්රියෙන් පැමිණි දැරිවිය-Dumriyen Pamini Dariviya”

Your email address will not be published. Required fields are marked *