Availability: In Stock

දෙවොලේ සැඟවුණු අබිරහස-Dewole Sangawunu Abhirahasa

SKU: BSLKASH00017

රු1275

In stock

Publisher: Ashirwada Publishers

Description

මෙය ආරම්භ වන්නේ ක්‍රි.ව. 70 දී, රෝම හමුදා මගින් ජෙරුසලෙමේ ශුද්ධ වූ දේවස්ථානය වැටලීමෙනි. එහිදී කුඩා දරුවකු අතට ජීවිතකාලය පුරාවටම රැකිය යුතු රහසක් හිමි වෙයි. 1944⁣ දෙසැම්බර් මාසයේදී වැහැරුණු හිරකරුවන් හය දෙනෙකු විසින් අද්භූත බහාළුමක් දකුණු ජර්මනියේ භාවිතයට නොගන්නා ආකරයක් වෙත රැගෙන ගොස් සඟවනු ලබයි. අදාළ රහස රැක ගැනීම සඳහා ඔවුන්ට ද තම ජීවිත පූජා කරන්නට සිදුවෙන්නේ නාසි ආරක්ෂක භටයන් විසින් ඒ හය දෙනාම මරා දමන බැවිනි. මෑත දිනයක ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ නටඹුන් අතර තිබි මිනියක් සොයා ගැනෙයි. එය විවෘත මෙන්ම වැසුන අබිරහසක් වූවත් ලූක්ෂෝර් පොලීසියේ පරීක්ෂක යුසුෆ් බලීෆා විසින් විවිධ දුෂ්කරතා මැද, එසේ මිය ගිය අය ගැන සියලු විස්තර සොයා ගනී. මෙන්ම වැරදි පුද්ගලයන් අතට පත්වුවහොත් මැද පෙරදිග ලේ විලක් බවට පත්විය හැකි දීර්ඝ කාලයක් අතුරුදහන්ව තිබූ, කිසියම් අබිරහස් වස්තුවක් ගැන ද ඔහු තොරතුරු සොයා බලයි. එහිදී ඔහු මුහුණපාන්නේ බෙහෙවින් අවදානම් සිදුවීම් මාලාවකටය. එහෙත් ඒ තනීවම නොවේ. පැරණි ජෙරුසලෙම, කුරුස යුද්ධ, කැතර්වරුන්ගේ විපරිත දෘෂ්ටි, මධ්‍යකාලීන කේතමය අත් පිටපතක්, සමූල ඝාතන, සඟවන ලද නාසි නිදන් වස්තු මෙන්ම වත්මන් මිනී මැරුම් ගැන ද මෙහි දැක්වෙයි. සත්‍යය හෙළිකර ගැනීම සඳහා රහස් පරීක්ෂකයන් සහ පුවත්පත් කලාවේදීන් අනුගමනය කරන සූක්ෂම උපක්‍රම ද මෙහි පැහැදිලි කර ඇත. මෙය වසර දෙදහසක් පැරණි නිදන් වස්තුවක් හෙළිදරව් කර ගැනීමේ ත්‍රාසජනක, අවදානම් හා නිර්භීත ක්‍රියා පාදක කර ගත් රහස් පරීක්ෂක කතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “දෙවොලේ සැඟවුණු අබිරහස-Dewole Sangawunu Abhirahasa”

Your email address will not be published. Required fields are marked *