Description
සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයාගෙන් මනස ගැන කෙරුණ හෙළිදරව්ව නිසා පසුගිය සියවසේ කලාවන්ට වූ බලපෑම කාල් මාක්සන්ගෙන් කලාවන්ට සිදු වූ බලපෑම හා සමාන යැයි සිතමි. ප්‍රොයිඩ් සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය. රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද “සයිකො” නවකථාව බොහෝ ජනප්‍රියවීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆ්‍රඩ් හිකොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය අසාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය. හැදෑරීම්වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනියි.
භීතිය රැඳී පවතින්නේ අඳුරු සෙවණැලි තුළ නොව හිස් කබල තුළ ඇති කුඩා ලෝකයේ බව බ්ලෝච් කියයි. කථාවේ එන හුදු පුද්ගලවාදී තේක්ෂාව හා ඒ කෙරෙහි පවතින ධනේෂ්වර ක්‍රමයේ
වාස්තවික බලපෑම ගැන ද රචක අවධානය යොමු වන නිසා “Psycho” ජනප්‍රිය සම්භාව්‍ය නවකථාවක් බවට පත්ව ඇතැයි මට සිතෙයි. මෙහි මුද්‍රණ කිහිපයක්ම මේ වන විට නිකුත් කිරීමට සිදුවීමෙන් පෙනී යන්නේ එහි පවත්නා සාරවත්කම හා ඉහළ ජනප්‍රියතාවයි.
පාසල් පුස්තකාල භාවිතය සඳහා ද අනුමත මෙය රොද බැඳ ගෙන කියවිය යුතු රසවත් නවකථාවක් බව කියමි.
Reviews
There are no reviews yet.