Description

ජුනි හයවැනිදා උපන් සිය දරුවා ඩේමියන් ගේ හිස මුදුනේ හයේ ඉලක්කම් තුනක් ඇති බව රොබට් තෝර්න් දැන ගත්තේ ය. “මෘගයා ගේ ගණන හයසිය හැට හය බව නුවණැත්තන් දැනගනිත්වා! යනුවෙන් එළිදරවුවේ සඳහන් ව තිබිණි. සිය පුත්‍රයා වෙතින් සාතන් දැක ගත් රොබට් අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. සත්වසකට පසු… රොබට් ගේ සොහොයුරු රිචඩ් තෝර්න් ළඟ හැදෙමින් වැඩෙමින් එම දරුවා දහතුන් වැනී උපදීනය සැමරුවේය. කාලය තරම් ම පැරැණි බිතු සිතුවමක් කැණීම් හරහා පාදා ගැනිණි. එහි සාතන්ගේ ගැටවර වියේ මුහුණ ද වූයේ ය. ඒ මුහුණ සමාන වූයේ ඩේමියන් ගේ මුහුණට ය. සාතන්ගේ පුත්‍රයා තමන් ගේ ඉදිරි මග හෙළි පෙහෙළි කර ගනිමින් සිටියේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ඩේමියන් (සාතන් II)-Damien”

Your email address will not be published. Required fields are marked *