Description

තහනම් ආදරයක්… මාරාන්තික වසංගතයක්… පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි… නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැකීම නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය. මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “සින්ඩර්-Cinder”

Your email address will not be published. Required fields are marked *