Description
2000 වසරේ සිට බසක මහිම ලෙස ගොඩගේ ප්‍රකාශකයෝ විසින් කාණ්ඩ එකොළෙසකින් මුද්‍රණය වූ බසක මහිම පොත් පෙල එක ම පොතක් වශයෙන් දැන් ලබාගත හැක. ඊට අලූතින් ම ලියවුණු කාණ්ඩයක් ද එක් වේ. ඒ ‘ගුණ පදය‘ නමැති දොළොස්වන කාණ්ඩය යි.
මානව වර්ගයා වෙනත් සත්ව වර්ගයාගෙන් වෙන්කරන මූලික ලක්ෂණය ඔහු සතු ‘භාෂා ශක්‍යතාව’ යි. මේ ශක්‍යතාව වනාහි සිය සිතෙහි පහළ වන කවර ම අලූත් අදහසක් වුව කියා පෑමට අවශ්‍ය ‘අලුත් වාක්‍යයක් ‘ නිර්මාණය කිරීමේ ශක්‍යතාව යි.
එදිනෙදා සන්නිවේදනයෙහි දී මෙන් ම සාහිත්‍ය නිර්මාණයෙහි දී ද සිදු වන්නේ ඒ ඒ අවස්ථාවට අවශ්‍ය අලූත් වාක්‍ය නිර්මාණය කිරීම යි. අලූත් වාක්‍යයක් නිර්මාණය කිරීමේ ශක්තිය මිනිසා ලබන්නේ කිසියම් භාෂාවක් සතු ‘රීති පද්ධතිය’ ඔහු මැනවින් ප‍්‍රගුණ කොට ගෙන ඇති බැවිනි.
භාෂාවක් සතු ‘රීති පද්ධතිය’ පිළිබඳ ඥානය කරුණු දෙකකට සම්බන්ධ වේ. පළමුවැන්න ඒ භාෂාවේ ඇති මූලික ඒකක පිළිබඳ ඥානය යි. මූලික ඒකක වශයෙන් සැලකෙන්නේ ‘ශබ්ද’ ‘අක්ෂර’ ‘පදාණු’ ‘පද’ ‘සමාස’ ‘වාක්‍යාංශ’ හා ‘වාක්‍ය’ යි. ලෝකයේ කවර ම මානව භාෂාවක වුවත් ඇත්තේ මෙබඳු මූලික ඒකක සමූහයකි.
දෙවැන්න, ඒ ඒ ඒකක නිවැරදිව සංයෝග කිරීමට අවශ්‍ය රීති පිළිබඳ ඥානය යි. ‘ශබ්ද’ නිවැරදිව සංයෝග කොට ‘අක්ෂර’ සදා ගන්නා සැටිත් ‘අක්ෂර’ නිවැරදිව වින්‍යාස කොට ‘පදාණු’ සදා ගන්නා සැටිත් ‘පදාණු’ නිවැරදිව සංයෝග කොට ‘පද’ සදා ගන්නා සැටිත් ‘පද’ නිවැරදිව සංයෝග කොට ‘සමාස’ සදා ගන්නා සැටිත් ‘පද’ හෝ ‘සමාස’ නිවැරදිව සංයෝග කොට ‘පාද’ හෝ ‘වාක්‍යාංශ’ සදා ගන්නා සැටිත් ‘වාක්‍යාංශ’ නිවැරදිව සංයෝග කොට ‘අලූත් වාක්‍යයක්’ නිර්මාණය කොට ගන්නා සැටිත් භාෂකයා හෝ ලේඛකයා දනී. ‘භාෂාවක රීති පද්ධතිය’ යනු එහි ‘ව්‍යාකරණය‘ හෝ ‘වියරණය’ නමි.
මේ පොත සිංහල ව්‍යාකරණයේ සුවිශේෂ ගුණාංග හඳුන්වා දෙයි.
Reviews
There are no reviews yet.