Availability: In Stock

බත්ඇටයේ කතාව -Bath Ataye Kathawa

SKU: BSLK0001681

රු180

ISBN: 9789558033669 Category:
Publisher: Tikiri Publishers

Description

අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඞ්සන් නමැති නෝවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි. ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි: ‘ඔබ කවුද?’, ‘ලෝකය ආවේ කොහෙන්ද?’

මේ ලිපි ලියූ පුද්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බර්ටෝ නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක, ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් සාත්‍රෙ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි. ඉතාමත් සිත් අදනාසුලු, විනෝදාත්මක ලිපි පෙළක් ඇසුරින්ද ඉක්බිති පෞද්ගලිකව පැමිණීමෙන්ද ඇල්බර්ටෝ නොක්ස්, මනුෂ්‍ය ශිෂ්ටාචාරය උදා වූ තැන් පටන් දාර්ශනිකයන්ගේ විමසීමට යෙදුණ මූලික ප්‍රශ්න පිළිබඳව සොෆීගේ විමංසනාත්මක මනස පුබුදු කරවයි.

“විශිෂ්ට ප්‍රත්නයකි… යස්ටයින් ගෝඩර් මෙහිදී සිදුකර ඇත්තේ අවුරුදු 3000ක චින්තන ඉතිහාසයක් පිටු 400කට කැටි කිරීමය; ඉතාම සංකීර්ණ දාර්ශනික වාද විවාද නොවැදගත් තත්ත්වයකට පත් කිරීමෙන් වැළකී සරල ලෙස විදහා දැක්වීමය… සොෆීගේ ලෝකය විශිෂ්ට ජයග්‍රහණයකි.”

– සන්ඬේ ටයිම්ස්

“සොෆීගේ ලෝකය අද්විතීය ජනප්‍රිය සම්භාව්‍ය කෘතියක් බවට පත් වනු නොඅනුමානය; අතිශයින් සිත් වසඟ කරවනසුලු අබිරහස් කථාන්දරයක් වන මෙය, දර්ශනය හා දාර්ශනිකයන් පිළිබඳ අතිශයින්ම සරල හා පැහැදිලි හැඳින්වීමක් ඉදිරිපත් කරයි.”

– ද ටයිම්ස්

Reviews

There are no reviews yet.

Be the first to review “බත්ඇටයේ කතාව -Bath Ataye Kathawa”

Your email address will not be published. Required fields are marked *