Description
තමා ද්වේෂ කල යුත්තේ, වෛර බැඳ ගත යුත්තේ තමාටමද. නැතහොත් තමා නොතැකූ සොහොයුරන්ට හෝ මවටද නැතහොත් පාවී රබර් වතු යායකට මැදි වූ මහ හුදෙකලාවක තට්ටු ගණන් දිය සෙවෙල බැඳි, මිදුලේ දිරාපත් පන්දලම් මතද, පෝච්චි හා හිස් බෝතල් පේළි වලින් වටකළ පාත්ති වල කරගෑටි, එක මලක් හෝ නොපිපෙන කුසුම්පාය දැයි නිශ්චිතව සිතාගත නොහැකි විය. පාළු, අදුරු දිගු ශාලා ඇගේ මනසේ චතුරශ්‍රාකාරවද, ප්‍රිමාකාරවද සිලින්ඩරාකාරවද විවිධ රූප විපර්යාසයන්ට මාරු වූ අතර ඈ ඒ දිගු ශාලා ඔස්සේ හුදෙකලාව කෙළවරක් නොමැති ගමනක යෙදුනාය. විටෙක වේගයෙන්ද තවත් විටෙක සෙමෙන් ද ඕ ගමන් කළාය. අනන්තයක් නොමැති අවකාශයක නින්දත් නොනින්දත් අතර දෝලනය වෙද්දී අසුනේ වැදෙන වාරයක් ගානේ හිස පිටිපස ගැසූ කොඩි කටුවක තියුණු උල්, හිස් කබල මත එළුණු තුනී සම සූරණු ඇයට නොදැනිණි.
Reviews
There are no reviews yet.