Availability: In Stock

බැලුම් හොරා -Balum Hora

SKU: BSLK0001698

රු180

ISBN: 9786245552023 Category:
Publisher: Tikiri Publishers

Description

ලංකාවේ දේශපාලනය ගැන හැමෝම කතා කරනවා, රටේ අර්ථිකය ගැන හැමෝම කතා කරනවා. එහෙත් ආගම කියන මාතෘකාවට එද්දී ඔහුන්ගේ කටවල් ඉබේම අගුලු වැටෙනවා. ඇයි ? “බය” ආගමත් සමග ඇතිවෙන බය, පූජකයින් ඔහුන්ගේ මිථ්‍යාවාදී අදහස් තුලින් ඔබගේ මනසට ඔබ්බවා ඇති “බය”, ඔබ කතා කලොත් දෙවියන් ඔබට දඩුවම් දෙයි, දෙවියන් ඔබට ශාප කරයි, ඔබව විනාශ කරයි කියන “බය”. ඒ බය නිසාම දේශපාලනය හෝ ආර්ථිකය ගැන විවෘතව කතා කරන මිනිසුන් සමාජය විනාශ කරමින් මිනිසුන්ව වළපල්ලට ඇදලා දාන “ආගමික මිථ්‍යාව” ගැන කතා කරන්න බය වෙනවා. “මිථ්‍යාව” මිථ්‍යාවක් ලෙස දැක දැකත් සාදු කාර දිදී ඒ දිහා බලාගෙන ඉන්නවා, කතා කරන්න පස්ස ගහනවා. සමහර වැඩිහිටියන් “මිථ්‍යාව” තම දරුවන්ටත් උගන්වනවා, ඔහුන්වත් තමන් වැටී සිටින වළටම ඇද දමනවා. ඔහුන්ගේ නූගත් කමින් උපන් මිථ්‍යාවේ බීජ දරුවන්ගේ මනස් තුලත් ආරෝපනය කරමින් රටේ අනාගතයත් විනාශ කොට දමනවා. මම බාබා එක්ස් ලිව්වේ මිථ්‍යාවෙන් සහා එම අඥාන ගෞරවයෙන් අන්ධ වී, මිථ්‍යාවේ වැරැද්දත්, හානියත් පෙනි පෙනී ඒ දෙස බලාගෙන සාදුකාර දෙන, යථාර්තය පිලිගැනීමට මැලිවෙන, ආගමික “බිය” නිසා තම නිදහස් චින්තනය යට කරගෙන, එයටම සිරවී දුක් විදින මිනිසුන් වෙනුවෙන්.

Reviews

There are no reviews yet.

Be the first to review “බැලුම් හොරා -Balum Hora”

Your email address will not be published. Required fields are marked *