Description
බරිස් පලෙවොයිගේ ‘සැබෑ මිනිසෙකුගේ කතාවක්’ ලාංකේය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ සෝවියට් රුසියානු නවකතාවකි.
මෙතෙක් ලාංකික පාඨකයන්ට කියවීමට ලැබුණේ මෙම විශිෂ්ට නවකතාවේ සංක්ෂිප්ත පරිවර්තනයකි. ‘සැබෑ මිනිසෙකුගේ කතාවක්’ හි අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනයක් නිකුත් වන්නේ පළමු වරටය.
පුද්ගලයකු තුළ වන අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය හා තමන් උපන් දේශය කෙරෙහි වන අප්‍රමාණ බැඳීම මෙ තරමට කුළු ගන්වන අන් නවකතාවක් නොමැති තරම්ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර ජර්මනියේ නියුම්බර්ග්හි පැවැති ජාත්‍යන්තර යුද අධිකරණයේදී හිට්ලර්ගේ දෙවැනියා වූ හර්මන් ගෝරිං කියූ පරිදි “අප සතුව ලෝකයේ හොඳම ඔත්තු සේවා කණ්ඩායම් සිටියා. ඔවුන් සෝවියට් දේශය ගැන සියලුම නිවැරදි තොරතුරු අපට ලබා දුන්නත්, සෝවියට් වැසියන් තුළ වූ අප්‍රමාණ ධෛර්යය පිළිබඳ ඒ කිසිවෙකුටවත් වටහාගත නොහැකි වුණා. අපේ පරාජයට හේතුව එයයි.”
එවන් ශ්‍රේෂ්ඨ සෝවියට් පුරවැසියකුගේ සුවිශිෂ්ට චරිතාපදානයයි, ‘සැබෑ මිනිසෙකුගේ කතාව’.
Reviews
There are no reviews yet.