Description
මෙය ලාංකේය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියුණුව විවේචනයට ලක් කරමින් නිර්මාණාත්මකව ගොඩනැගූ අග්‍රගණ්‍ය නවකතාවකි.
දේශපාලනයේ මිනිස් භාවිතාවේ සුරුවම චේ ගුවේරාය. දේශපාලන ක්‍රියාකාරීත්වය හා සමව ඔහු තුළ වූ උත්තර මානුෂික ගුණාංග ඔහු ශාන්තුවරයකු තරමට පත් කෙළේය. එවන් උතුම් මානුෂික ගුණ පිරුණු චූල චේ ගුවේරාවන් කෙතරම් අප සමාජය තුළ ඇද්ද?
මේ එවැන්නකු පිළිබඳ කතාවයි.
නවකතාව ගොඩනැංවීම උදෙසා භාවිතා කරන දියුණු ආඛ්‍යාන රටාව, පොහොසත් භාෂා භාවිතය මෙන්ම විශිෂ්ට චරිත නිරූපණයද කතිකාමය ප්‍රබලත්වයද තුළින් මෙය මෑත ලාංකේය නවකතාව තුළ අපට මුණ ගැසුණු විශිෂ්ටතම නවකතාව බවට ‘මරියා සිලොනිකා වස්තුව’ පත්වෙයි.
‘මරියා සිලොනිකා වස්තුව’ 2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් කෘති පහ අතරට තෝරා ගැනුණු නවකතාවකි.
Reviews
There are no reviews yet.