Description
වාල්මිකීගේ රාමායණය’ අපි කියවා ඇත්තෙමු. දෙවියන්ගේ ප්‍රතිරූපයක් හෙවත් අවතාරයක් වූ රාම රජු විසින් දුෂ්ට, යක්ෂ බලවේගයක් වූ රාවණා රජු මරා දමනු ලැබීමේ පුවත පාදක, ඒ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ද
ප්‍රකටය.
ඉතිහාසය නිතර කතාකරන්නේ ජයග්‍රාහක වීරයාගේ පාර්ශවය ගැන පමණය. පරාජිතයාගේ හඩ නිරන්තරයෙන් නිහඬය. රාමායණයේ පරාජිතයා වූ රාවණා හා අසුර ජනතාව ගැන කීමට අන් කතාවක්
| ඇත්ද?
ඔව්…ඒ රාවණාගේ කතාව හෙවත් රාවණායනයයි. ඉන්දියාවේ කේරොළ ප්‍රාන්තයෙන් ඉංග්‍රීසි නවකථාවක් ලෙසින් බිහිවුණ එය ‘අසුර හෙවත් රාවණා’ නමින් සිංහලෙන් ඔබ වෙත පත් වෙයි. කේරළය හා ඉන්දියාව
අවට ප්‍රකට පුරාණෝක්ති (Mythology) ඇසුරු කරමින් රචිත නුතන දෘෂ්ටාන්ත නවකථාවක් ලෙසින් එය ප්‍රකටය. වසර තුන්දාහකට පමණ පෙර සමාජ පරිපීඩනයකට පත් අසුර ජන ජීවිතය පාදක කොට ගෙන මෙය ලියා ඇත්තේ ප්‍රවීණ ලේඛක ආනන්ද් නීලකන්ටන් මහතාය.
ලංකාධිපති අසුර අධිරාජයා වූ රාවණා හා ඔහුගේ පීඩිත වැසියකු වූ භද්‍රගේ දෘෂ්ටිකෝණයෙන් විකාශනය වන මේ නවකථාව ‘රාමායණය’ | මෙන් පරම්පරා ගණනාවක රසික සිත් සංතර්පණය කරන බව නිසැකය. මෙය අභූත නවකථාවක් නොව පුරාණෝක්ති හා ඉතිහාසය ඔසේ, සමකාලීන සමාජ කේන්තාවන් ස්පර්ශ කරන සාරවත්, විචිත්‍රවත්
රසාලිත රස ධාරාවක් බව කියනු කැමැත්තෙමි.
‘There is nothing either good or bad but thinking makes it so, යනුවෙන් විලියම් ශේක්සස්පියර් ‘හැම්ලට්’ නාටකයෙන් ගෙන හැර දක්වන්නේ ද මේ නවකථාවෙහි එන ‘ධර්ම’ නමැති සංකල්පයම ද?
Reviews
There are no reviews yet.