Description

තම ජීවිතයේ අමිහිරිම කාලපරිච්ඡේදයක් ගතකරන අතරතුර කොමදෝරු රොබට් බෙලමි කිසිසේත්ම සාර්ථක වේවි යයි බලාපොරොත්තු තැබිය නොහැකි රහස් මෙහෙයුමක් සඳහා කැඳවනු ලබයි. මෙහෙයුම පිළිබඳ නිවැරදි චිත්‍රයක් තමාට පවා ලබා දී නැති බව ද, ලොව පුරා බලවත් රාජ්‍යයන්ගේ අතිශය සංකීර්ණ යාන්ත්‍රනයක තමා එකම එක මුරිච්චියක් පමණක් බව ද ඔහුට මෙහෙයුම අතරතුර වැටහේ. විශාල දේපල සහ මිනිස් ජීවිත විනාශයක් කරමින් බලවත් රටවල් රකින්නට දත කන්නේ පොදු ජනයා තවමත් නොදන්නා එක් භයානක රහසක් බව රොබට් බෙලමි අවබෝධ කරගනී. තමාට පියෙක් මෙන් වූ තම ඉහල නිලධාරියා අනිවාර්ය විශ්‍රාම යෑමකට ලක් වන්නේත්, තම ළඟම මිතුරා හදිසි අනතුරකට ලක්වන්නේත්, කාලගුණ විද්‍යා බැලුමක් කඩාවැටෙනවා අහම්බෙන් දැකීමේ වරදට තවත් විශාල පිරිසක් මිය යන්නේත් මෙම බියකරු රහස රැකීමට බව ද, අවසානයේ තමා ද ඔවුන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව ද, තමාගේ සහ සෙසු ලෝකයාගේ ජීවිතය ගලවාගැනීමේ එකම මග මෙම රුදුරු සත්‍ය ලොවට හෙලිකිරීම බව ද කොමදෝරු රොබට් බෙලමි වටහාගන්නා නමුදු ඒ වන විට ඔහුත් ලෝකයාත් ප්‍රමාද වැඩි ය.

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් දින කුමන්ත්‍රණය-Awasan Dina Kumanthranaya”

Your email address will not be published. Required fields are marked *