Description
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්නීය. අන්ත දිළිඳු බව ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය.
ගැහැනිය යනු නිරන්තරව නිවසේ, ගොවිපොළේ හා සයනයේදීත් කඹුරනු පිණිස උපන්නියකැයි සැලීට ඒත්තු ගැන්වේ.
නිබඳ වෙහෙසී වැඩ කරන ඇය ළදරු වියේදීම නිතර නිතරම කෙලෙසීමට ලක්වෙයි. කෙනෙකු සතු ධෛර්යයත්, ප්‍රබල විශ්වාසයත් නිසාම, ජීවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද? ඇය ඒ පැනයට පිළිතුරු සොයයි.
‘දම් පාට කතාව’ ජාත්‍යන්තර පුලිට්සර් සම්මානයෙන් හා ජාතික ග්‍රන්ථ සම්මානයෙන් සම්මානිත The Colour Purple නම් සුප්‍රකට නවකතාවේ පරිවර්තනයයි.
සර්වකාලීන ශ්‍රේෂ්ඨ කෘතියක් සේ පිළිගැනෙන The Colour Purple නවකතාව එංගලන්තයේ පමණක් පිටපත් මිලියනයක් අලෙවි වී ඇත.
Reviews
There are no reviews yet.