Description
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වෙනුයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි. අනෙකා අර්නස්ටෝ ගුවේරාය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත්, ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුණ ආකාරයයි. තරුණ වියෙහිදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ ග්‍රනාඩෝ සමග ලතින් ඇමරිකාව පුරා යතුරු පැදියෙන් කළ සංචාරයට පෙරාතුව දෙදෙන අතර ඇතිවන එක් එකඟතාවක් වන්නේ දෙදෙනාම ගමන පුරා දින සටහන් පවත්වාගත යුතු බවයි. මෙයින් චේගේ යතුරුපැදි දිනපොත මේ වන විටත් සිංහලෙන් පළ වී ඇත. ‘චේ සමග සංචාරයෙහි’ යනු ඇල්බර්ටෝ ග්‍රනාඩෝගේ දින සටහන් පෙළයි. මෙය හුදු මිත්‍ර සංචාරයක සටහන් පෙළක් පමණක් නොව, ලෝක ඉතිහාසය වෙනස් කිරීමට මැදිහත් වුණ දැවැන්ත චරිතයක හැඩගැස්ම පිළිබඳවද විග්‍රහ කෙරෙන කෘතියකි. එසේම මෙය සූරාකෑමට ලක්වූ මිනිසුන් සහ සූරාකෑමේ දේශපාලනය ගැන මෙන්ම මානව දයාවෙන් ඇළලී ගිය තාරුණ්‍යක උද්වේගී සහ අවංක මැදිහත්වීමක් ගැනද කෙරෙන විග්‍රහයක් ලෙස සැලකීම නිවැරැදිය.
Reviews
There are no reviews yet.