Description
1982 වසරේදී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේඛකයාය.
මාර්කේස්ගේ කතා කලාවේ සංකීර්ණත්වය මෙන්ම එහි විචිත්‍රත්වයද මනාව අවබෝධ කර ගැනීමට හැකිවන සේ ඔහුගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුළ අඩංගුය.
මෙහි ඇතුළත් එක් කෙටි නවකතාවක් යථාර්ථවාදී කතා රටාවෙන් ලියැවුණක් වන අතර, අනෙක ඔහුටම සුවිශේෂ වූ මායා යථාර්ථමය කතා රටාවෙන් ලියැවුණකි.
නමුත් මේ කතා දෙකෙහිම රචනා ශෛලියේ හේතුඵල වශයෙන් තර්කානුකූලව සිද්ධි ගළපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්ථවාදී වෙයි.
Reviews
There are no reviews yet.