Description
කුරුම්බැට්ටි මැෂිමකින් සිහින ඇද හැලෙමින් තිබේ.
අඛණ්ඩ ව ඇද හැලෙන ඒ සිහින, සබන් බුබුළු මෙන් අවකාශයේ පාවෙයි. පාවි පාවී, විසිර යන සිහින සුළඟෙහි පැටලෙයි. සියල්ල, කුරුම්බැට්ටි මැෂිමෙන් නික්ම එන රාවයට අවනත ය; අනුකූල ය. සවනට, මෘදංගයකින් නැඟී නිනද නඟන උදම් රළ මෙනි. සැහැල්ලුව විසිර යන ඇතැම් අනවසර සිහිනයක් දෙකක් ඈත අහසේ දී පැරිස් වලාකුළකට යාවෙයි. අන් සියලු බුබුළු එක්කෝ ඇස් දිෂ්ටිමානයෙන් අතුරුදහන්ව සැඟවෙයි, නැතහොත් අතරමඟ දී බිඳී වියැකෙයි.
එසේ වුව අඛණ්ඩ ව සිහින ඇදහැලෙමින් තිබේ.
Reviews
There are no reviews yet.